Tuesday, June 23, 2020




පින්සරක් වී 
   සිතුවම් කරන්නම් 
නිස්සාර වූ ජීවිතයක් 
   ඉඩදෙනවානම්,
යලි ලියන්නට 
         කිවිඳියක් වී ...
එන්නම් පසුපස 
    සන්සාරය පුරාවට
බලා සිටිනවානම් 
         තරුවක් වී ,
              ඈත අහසේ .
                           
                                                     ~සමාධි
                         




පැතුමක් වී, ඔබ එනතුරා
බලා සිටින්නම් තව දවසක්,
නිවෙන්නට පෙර
මේ පහන
දකින්නට ඔබේ රුව,
සිනාසෙන්නම් නිහඩව
සිහිනයක් නොවේනම් යළිත්
සනහන්නට මා සිත,
නොමියෙනා මතකයෙන්.
 
                                      ~සමාධි

Friday, February 23, 2018

විශ්වාසය

සෑම මනුස්සයෙකුගෙම ලස්සනක් දකින්න පුරුදු වෙන්න .වෙන කෙනෙකුගේ බසට රැවටී කිසිවෙක් ගැන වැරදි ආකල්පයක් ගොඩනගාගන්නේ ඇයි? ඔබට සවන් නැගෙන දේ ,නෙතින් දකින දේ සෑමවිටම විශ්වාස කරන්නෙපා .කෙනෙකුව හරිහැටි තේරුම්ගැනීමට අවැසි නම්..ඔහු/ඇයව ආශ්‍රය කරන්න ..සෑමවිටම ඔබ නිවැරදි නොවෙන්නට පුළුවන් .එවිට ජීවිතයේ ඔබ පැමිණ ඇති දුර ගැන සිතන්න .ඔබ 100% ම විශිෂ්ටයිද? කිමද එසේනම් සෑමතැනම විශිෂ්ටයින් සොයන්නෙ?..ඉන්න ඔතන නවතින්න ..සිතන්න ..ඔබ ජීවිතය විඳිය යුතුයි...නිවැරදි තීරණ ගන්න හොඳින් සොයා බලා...ඔබගෙ අවංකභාවය,ආත්මවිශ්වාසය,ආත්මශක්තිය කෙමෙන් කෙමෙන් ඔබට නිවැරදි දේ වටහා දෙයි කිසිවෙකුට ඔබගේ ජීවිතය ගැන විනිශ්‍ය කිරීමට නොහැකියි. ඔබ නිවැරදියි නම් ,ඔබ ඔබට අවංක නම්..ඔබට ඔබව විශ්වාස නම් බාදක මැඩගෙන යන්න ඉදිරියටම •ජීවිතය විඳවන්න නොවේ විඳින්නට!•
                        
                                         •සමාධී•

Monday, May 1, 2017

සිහිනය




එක දවසක්

මා දුටුවා සොඳුරු කෙනෙක්
කුලුඳුල් ආදර හැඟුමක්
ඇතිවූවා ඒ දසුනෙන්

ලස්සන නෙතු
මා හා දිග හැරලා
ඔබ මා දෙස බැලුවා
ආදරෙන්

නැවතත් 
සොඳුරු දිනක් උදා වුවා
මා සමඟින්
සිනහ පා ඔබ යන්න ගියා

...... (උපුටා ගැනීමකි)......
රොසෑන් රාජේන්ඳ්‍රන්

Sunday, April 23, 2017

සමාජය


"අද සමාජයත් හරියට පාළු මාවතක වැටී තිබෙන වියලි කොළ සුළඟ හමන පැත්තට ඇදී යනවා සේය.නොයෙකුත්

අදහස් පස්සේ දුවන සමාජයක සිටින චරිත විවිදාකාරයි.එකිනෙකාට තිබෙන්නෙ ඔවුන්ට අවේනික වූ අදහස්ය.තර්ක විතර්ක මැද්දේ හරි වැරද්ද යටගොස් අසාධාරණය ඉස්මතු වී ඇත.මොලෙන් හිතනව වෙනුවට  හදවතතින් තීරණ ගැනීමට ඔවුන් පුරුදු වී සිටින අද යොවුන් පරපුර ඉදිරි අනාගතය සාර්ථක කරගැනීම සඳහා හරි තීරණ අරගෙන ඔවුන්ගෙ අනන්‍යතාවය විදහා පාමින් ජීවිතය ජයගත යුතු වේ!!"

             

                                                        ~සමාධී~

Wednesday, June 29, 2016

හීන!

"ජීවිතය මායාවකි ...නොයෙකුත් හීන ,බලාපොරොත්තු ඇතුලේ අප මංමුලාවී ඇත...එක් හීනයක්. බිඳුනොත් තව හීනයක් ...එක් බලාපොරොත්තුවක් බිඳුනොත් අලුත් බලාපොරොතුවක් ..මේ සෑමදෙයක්ම අපි කරන්නෙ ..ජීවිතයට වටිනාකමක් දෙන්න නේද? යන්න තියෙන දුර බොහොයි ..වැරදුනු තැන් බොහොයි ..ඒත් තවම පන දීමට හැකි හීන,බලාපොරොත්තු අප සතුයි ..ඉතින් ඇයි තව බලාසිටින්නෙ? ..විඳින්න ජීවිතය දීමට වටිනාකමක් ! හිතන්න අලුත් විදියකට ..පන දෙන්න හීන වලට !"

Tuesday, April 26, 2016

පුදුමාකාර ජීවිතය....

මැදියම් රැයක තාරුකා සොයමින්
වැලි කතරක දිය බිඳක් සොයමින්
පාළු මංමාවතක සුලඟ සේ
සොයයි ජීවිතය..

 
 
ජීවිතය හරි පුදුමාකාරයි නේද? අපි මේ ඇවිත් තියෙන දුර දිහා  ආපසු හැරිල බැලුවොත්..වැටි වැටි නැගිටපු තැන් බොහොයි.ඒ හැම මොහොතකම අප සිත්වල තිබුනු බලාපොරොත්තු අළුත් වුනා නේද?..."මට පුළුවන්!" මේ වචන දෙක අපිට අළුත් ජීවයක් ලබාදුන්න නේද?ඒ අතරම අපි පසුතැවිලි වුනු අවස්තා කොතෙක්ද...එත් ඒ අවස්තා අපිට වැරදුනු තැන් නොවේ හරිදෙ කරන්න කියා දුන්නු පාඩමක් සේ සැලකුවොත් පසුතැවිලි වෙන්න හේතුවක් නෑ නේද? නැතිනම් අපිට සිදුවෙන්නෙ ජීවිතේ එක තැනම නැවතී ඉන්න.විටෙක මටත් සිතෙනවා.."කාලය ආපස්සට යවන්න තිබුනානම්" කියල ..ඒත් ඒක කරන්න බැරි වැඩක්නේ .....ඉතින් මේ ගෙවන හැම මොහොතක්ම හරි අධිෂ්ඨානයක් ඇතිව ,ධනාත්මකව සිතා බලා කරන්න ඕන...එවිට අනාගතයේ එක් දවසක ..මේ වගේ අතීතය දිහා හැරිල බැලුවොත්  සිතට දනෙන සතුට කියල නිමකරන්න බැරිවේවි!
 
 
 
 
 

 

 



Sunday, April 24, 2016

ජීවිතය ...

සිතුවමක් ...යමෙකුගෙ නෙත් සිත් ඇද ගන්නා ආකරයෙන් පින්තාරු වූ සේයාරුවකි.ජීවිතයද ඒහා සමානය ,යාම් ඊම් පමනක් නොව දුක සතුටද, නින්දා ප්‍රශංසාද නොඅඩුවම ලැබෙන්නෙ සිතුවමක යොදා ඇති පාට සේය.දෛවයෙ සරදමට ඉඩ නොදී සෑම දෙයක්ම ආශිර්වාදයක් යැයි සිතා ඔබෙ ජීවිතය එකාලොකාත්මක කරන්න...පින්සර තවමත් තිබෙන්නෙ ඔබේ අතේය!