මැදියම් රැයක තාරුකා සොයමින්
වැලි කතරක දිය බිඳක් සොයමින්
පාළු මංමාවතක සුලඟ සේ
සොයයි ජීවිතය..
ජීවිතය හරි පුදුමාකාරයි නේද? අපි මේ ඇවිත් තියෙන දුර දිහා ආපසු හැරිල බැලුවොත්..වැටි වැටි නැගිටපු තැන් බොහොයි.ඒ හැම මොහොතකම අප සිත්වල තිබුනු බලාපොරොත්තු අළුත් වුනා නේද?..."මට පුළුවන්!" මේ වචන දෙක අපිට අළුත් ජීවයක් ලබාදුන්න නේද?ඒ අතරම අපි පසුතැවිලි වුනු අවස්තා කොතෙක්ද...එත් ඒ අවස්තා අපිට වැරදුනු තැන් නොවේ හරිදෙ කරන්න කියා දුන්නු පාඩමක් සේ සැලකුවොත් පසුතැවිලි වෙන්න හේතුවක් නෑ නේද? නැතිනම් අපිට සිදුවෙන්නෙ ජීවිතේ එක තැනම නැවතී ඉන්න.විටෙක මටත් සිතෙනවා.."කාලය ආපස්සට යවන්න තිබුනානම්" කියල ..ඒත් ඒක කරන්න බැරි වැඩක්නේ .....ඉතින් මේ ගෙවන හැම මොහොතක්ම හරි අධිෂ්ඨානයක් ඇතිව ,ධනාත්මකව සිතා බලා කරන්න ඕන...එවිට අනාගතයේ එක් දවසක ..මේ වගේ අතීතය දිහා හැරිල බැලුවොත් සිතට දනෙන සතුට කියල නිමකරන්න බැරිවේවි!

